වෛද්‍යවරියක් දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය අද දහවල් විරෝධතාවක නිරත වුණා.
වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක් ද පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගත්තද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 08 දක්වා ක්‍රියාත්මකයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය සසික විජේනායක මහතා පැවසුවේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද අද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණියා.
පසුව ඔහු පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ අද පස්වරුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.
සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැණුනා.
ඔහු අද පස්වරුවේ අනුරාධපුර පොලීසියට භාර දී තිබෙනවා.