Saturday, April 12, 2025

General line - 0115112241

ආරක්‍ෂාව හොඳයි - අනුරාධපුර වෛද්‍යවරු වර්ජනය අත්හරී



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

රෝහලේ ආරක්‍ෂාව සඳහා ගෙන ඇති පියවර සාධනීය මට්ටමක පවතින බැවින් වර්ජනය අත්හළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා. 

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද පෙරවරු 08ට අවසන් කළා.