Thursday, March 13, 2025

General line - 0115112241

නිල්වලා ගඟ පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක්



වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් ජලාශ 45ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අම්පාර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ජලාශ ඒ අතරින් ප්‍රධාන වන බවයි.

මේ අතර මාතර නිල්වලා ගඟ පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ ආරම්භ වුණා.

මේ, එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද ගෙන එන වාර්තාව.

මේ අතර අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරුණා.

ඒ අනුව දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානය වෙත පවරා ඇති බවයි නිලධාරීන් එහිදී පැවසුවේ.

ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව පැන නැඟී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔවුන් පැවසුවා.

කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති වුව හොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස මේ වන විට ගඟෙහි පවතින ගස් ඇදවැටීම් වැනි බාධක ඉවත් කිරීමට සහ ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීමටත්, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු කර ඇති බවටත් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.