Monday, April 14, 2025

General line - 0115112241

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා පැවැත්වුණා



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා විද්‍යාලීය ක්‍රීඩාපිටියේදී පැවැත්වු අතර ශූර, වීර, ශාන්ත, මෙත්ත, යන නිවාස සතරේ ක්‍රීඩකයන් මෙහිදී තරග වැදුණා.

ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මහාචාර්ය බවන්ත ගමගේ මහතායි.