බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළා.
එම වාර්තාව සභාගත කරමින් සභානායකවරයා අදහස් පළ කළේ මෙලෙසයි.
එමෙන්ම එම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටත්, වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් සුදුසු අවස්ථාවක එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටද යෝජනා කරන බවයි සභානායකවරයා එහිදී කියා සිටියේ.