බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
එම වාර්තාව සභාගත කරමින් ඔහු කියා සිටියේ අදාළ සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටත්, වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, සුදුසු අවස්ථාවක එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් යෝජනා කරන බවයි.