කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබෙනවා.
ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි
ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින් මාර්ක් කාර්නි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ලිබරල් පක්ෂයේ නායකයා ලෙස ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
59 හැවිරිදි මාර්ක් කාර්නි එරට හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වනවා
අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දීමෙන් පසුව 24දෙනෙකුගෙන් යුතු නව කැබිනට් මණ්ඩලයක් නම් කරමින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන හමුවේ කැනඩාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා
හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කර තිබුනා
2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී දේශපාන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.
කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය ඔක්තෝබර් 20 ට නොඅඩු කාලයකදී පැවැත්විය යුතු බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ