Saturday, March 15, 2025

General line - 0115112241

බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද



කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද පැවැත්වෙනවා.

අද පෙරවරු 08 සිට 08යි 05 දක්වා කාලය තුළ දීප ව්‍යාප්තව එම වනජීවී සංගණනය සිදු කෙරෙන බවයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංගණනයේදී වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොණරුන් සංඛ්‍යාව හඳුනා ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා.

මෙම සංගණනය වනාන්තර බිම් හැර දිවයිනේ සියලු ගෘහ ඒකක, වගා බිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සිදු කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලු මහජනතාවගේ සහය අපේක්‍ෂා කරන බව  කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළා.

මේ, එම සංගණනය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, රක්‍ෂිත ප්‍රදේශ කළමනාකරණ, මංජුල අමරරත්න මහතා.