වයස අවුරුදු 70 ඉක්මවූ අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මාර්තු මාසයට අදාළ, රුපියල් 3,000ක් වූ මාසික දීමනාව සහ හිඟ දීමනා ලබන 20 වනදා සිට ගෙවීම් සිදු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.
එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා පැවසුවේ අදාළ ප්‍රතිලාභීන්ට තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල හරහා එම ගෙවීම් සිදු කරන බවයි.
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම “ස්ලිප්ස් ක්‍රමය” මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරනු ලබනවා.