බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ආරංචි මාර්ග පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සුවිශේෂී හෙළිදරව්වක් සිදු කිරීමට නියමිතව බවයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටත්, වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, සුදුසු අවස්ථාවක එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් යෝජනා කරන බවයි.