Sunday, March 16, 2025

General line - 0115112241

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයක් - 20 දෙනෙකුට දිවි අහිමි වෙයි



දකුණු අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මිසූරි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන්    12 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

මේ වන විට ඇරකැන්සාස් ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට එම ප්‍රාන්ත භාර ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

ඒ ඇරකැන්සාස් ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙන්.  

අමෙරිකාවේ ටෙක්සාස්, මිසූරි සහ ඉලිනොයිස් වැනි ප්‍රාන්ත හයක් පුරා නිවාස දෙලක්ෂ හතලිස් දහසකට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන් කඩා වැටීම් හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවද වාර්තා වනවා.