Sunday, March 16, 2025

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම සිදුවීමට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පැවසුවේ. 

තියුණු ආයුධවලින් පහරදී අදාළ තරුණයන් දෙදෙනා ඊයේ අලුයම ඝාතනය කර තිබුණා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නවලෝකපුර සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම තරුණයන් දෙදෙනා එලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.