Sunday, April 13, 2025

General line - 0115112241

තැපැල් ඡන්දදායකයන්ට මැතිවරණ කොමිෂන් දැනුම් දීමක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා 

එම නිවේදනයෙන් දැක්වෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම 2025 මාර්තු මස 17 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වන බවයි 

මේ දක්වා අයදුම් නොකළ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ සම්පුර්ණ කරන ලද ඡන්ද අයදුම්පත්‍රය තැපෑලට භාර නොදී මාර්තු මස 17 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රිකයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙසයි දැනුම් දෙන්නේ .

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය නැවත දීර්ඝ කරනු නොලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්