Sunday, April 13, 2025

General line - 0115112241

පළාත් පාලන ඡන්ද විමසීමට අදාල නාම යෝජනාපත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් 



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් පිළිබඳවයි 

මෙම නිවේදනය මගින් එම කොමිසම සඳහන් කර ඇත්තේ යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවයි 

එම නිවේදනය පහතින්.