Sunday, April 13, 2025

General line - 0115112241

දේශබන්දු හැර සෙසු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් CIDයට උපදෙස්



අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් පොලිස්පති ධූරයෙහි රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හැර කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි. 

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස්පති ධූරයෙහි රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධූරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තවත් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණා.