පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම අද ආරම්භ වනවා.
ඒ අනුව ලබන 20 වන දින මධ්‍යහන 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම ලබන 19 වනදා මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.
මේ අතර නාම යෝජනා භාරදීමේදී තාක්ෂණිකව ප්‍රතික්ෂේප නොවන ආකාරයට නාම යෝජනා සකස් කිරීම පිළිබඳ දේශපාලන පක්ෂ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.