Tuesday, March 18, 2025

General line - 0115112241

පානදුර රිය අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කෙරු තරුණයා ජිවිතක්ෂයට



අද අළුයම පානදුර එකේ කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් පමණ වන පානදුර අළුබොමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු වනවා. 

එම වාහනයේ ගමන් ගත් තරුණයා බීමතින් සිට ඇති අතර වාහනයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබු විදුලි කණුවක ගැටී තිබෙනවා.

තුවාල ලබා සිටි මෙම තරුණයා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලීසිය සඳහන් කර සිටියේ. 

මෙම තරුණයා පිළිබඳව දන්න කෙනෙකු සිටිනවා නම් ඥාතීන්ට පණිවුඩයක් ලබා දෙන්න. 

එම තරුණයාගේ ජාතික හැඳුනුම්පතේ ජායාරුපයක් පහතින්