මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරින් සමත්ව තිබෙනවා.
ඒ, දංගොල්ලාගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 63 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර ඉගිනියාගල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වඩිනාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 27 හැවිරිදි වඩිනාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හෙට්ටිපොළ, ගලදෙණිය හන්දිය ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ නිලධාරින් සමත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.