ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකල මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වීමට පෙරයි.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 15 වන දිනය වන අද දිනයේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතායි.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ඉන් අනතුරුව විවාදයට එක් වුණා.
ඉන් අනතුරුව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා.