Tuesday, March 18, 2025

General line - 0115112241

සියවස් දෙකකට වඩා පැරණි නීතියක් ක්‍රියාත්මක කරමින් අමෙරිකාවේ රැඳී සිටි වෙනිසියුලානු ජාතිකයන් 200ක් පිටුවහල් කරයි



අමෙරිකාවේ රැඳී සිටි කල්ලි සාමාජිකයන් යැයි චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් 238 දෙනෙක් එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවයි.

එම වෙනිසියුලානු ජාතිකයින් පිටුවහල් කිරීම ක්‍රියාත්මක කර ඇත්තේ වොෂින්ටන් දිස්ත්‍රික් අධිකරණයක්, එය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයක් ද නොතකමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම පිරිස පිටුවහල් කරන බව නිවේදනය කළේ 1798 වසරේ සම්මත කරගෙන ඇති “පිටස්තර සතුරන්” පිළිබඳ පනතට අදාළවයි.

එම පනත මෙවර ක්‍රියාත්මක කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයක්.

පිටුවහල් කළ පිරිස අතර ජාත්‍යන්තර   MS-13 කල්ලියේ සාමාජිකයන් 23 දෙනෙකු වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.