නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගය සොයාගෙන තිබුණේ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින් වන අතර එහිදී දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයාගෙන තිබෙන අතර රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී දුම්වැටි සොයාගත් බවයි.
අදාළ දුම්වැටි වල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමගින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.