Tuesday, March 18, 2025

General line - 0115112241

ගිනි අවි සමඟ තිදෙනෙකු අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු මංගලගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මංගලගම, පුලුකුණාව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 66 හැවිරිදි සිප්පිමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර අඩම්පන් පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට මත කායානගර් ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බුලත්කොහුපිටිය, දුල්ගල ජනපදය ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බුලත්කොහුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වරකාහේන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සැකකරුවකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.