Tuesday, March 18, 2025

General line - 0115112241

අදානි සමාගමේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ



මන්නාරම  වෙඩිතලතීවූ ප්‍රදේශයේ  ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

අදාල ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණා.

එම දැනුම් දීමෙන් අනතුරුව අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින්  ඉල්ලා අස්කර ගත්තා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.