Wednesday, March 19, 2025

General line - 0115112241

යල කන්නයටත් පොහොර සහනාධාරය



මෙවර යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මෙවර යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබාදීම සිදු කරනවා.

කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබාදීමටයි එලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.