Wednesday, March 19, 2025

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කරනවාද? - රජයේ තීරණය ළඟදීම



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් අද ප්‍රශ්න කළා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පමණක් නොව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. 

මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

මේ අතර 2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙවර යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දීමට සිදු කරනු ඇති.

එමෙන්ම කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දීමටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.