Thursday, March 20, 2025

General line - 0115112241

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක මෝටර් රථයක් ගැටෙයි



කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වීමෙන් තිබූ දුම්රියක් පාදුක්ක ලියන්වලල තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවාග අනතුරට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මෙලෙස දුම්රියෙහි ගැටී ඇති බවයි වාර්තා වන්නේ. 

අනතුරින් මෝටර් රථෙයහි ගමන් ගත් රියදුරු සුළු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ. 

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගේට්ටුවේ රාජකාරි කළ පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බවත් ගේට්ටුව එම අවස්ථාවේ වසා නොතිබූ බවටත් තොරතුරු අනාවරණය වූ බවයි මීගොඩ පොලීසිය පැවසුවේ. 

අනතුර සිදුවීමෙන් පසු එම දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම හේතුවෙන් දුම්රිය ධාවනය අත්හිටුවීමට සිදුවුණා.