පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට මැයි මස මුල් සතියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අලුත් අවුරුද්දෙන් පසුව අප්‍රේල් මාසයේදීම මැතිවරණය පැවැත්වීම පවා දුෂ්කර වනු ඇති බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් වුණා.
නාම යෝජනා භාර ගැනීම ආරම්භ වූයේ ඉකුත් 17 වනදා සිටයි.
අද මධ්‍යහ්න 12න් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැය එක හමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට ලබා දෙනවා.
නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.