2025 අයවැය තුන්වන වර කියවීමේ විවාදය අවසන් දිනය අදයි.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ දෙවන දිනටත් අද කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනෙනවා.
අද දිනයේ විවාදය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තා.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.
එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද විවාදයට එක්වුණා.