Sunday, April 13, 2025

General line - 0115112241

ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී අනතුරක - නියමුවන් දෙදෙනා දිවි බේරා ගනියි



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ණ8 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා.

එහි ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් යානයෙන් ඉවත් වී පැරෂුට් ආධාරයෙන් බිමට බැස දිවි බේරාගෙන ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ.

එම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්‍ෂණ කමිටුවක් පත් කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.