පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ස්ථාන මාරුවක් සඳහා යොමු කර ඇති ලිපිය වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙතෙක් අනුමත කර නොමැති බව වාර්තා වනවා.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සිය ස්ථාන මාරු ඉල්ලීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත්තේ පසුගිය මාර්තු 10 වනදායි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු එල්ල කර ඇති පදනම් විරහිත චෝදනා හේතුවෙන් ඔහු එලෙස ස්ථාන මාරුවක් ඉල්ලා සිටීමට හේතු වී ඇති බවද වාර්තා වනවා.
කෙසේවෙතත් එම ස්ථාන මාරුවීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙතෙක් අනුමත කර නොමැති අතර බුද්ධික මනතුංග මහතා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග අනාවරණ කළේ.
මේ අතර පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අද පැවති 161 වන පොලිස් විරු සැමරුම් උත්සවයට සහභාගී වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.