කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ඉකුත් සති දෙකක කාලයක සිට භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින්.
මෙම පාර්සල් ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා-ඇළ, වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණා.
එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
ඉකුත් සති දෙකක කාලය තුළ මෙවැනි පාර්සල් 20ක් මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් අදාළ පාර්සල් පරික්ෂා කිරීමට තැපැල්පතිවරයාගේ අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුවයි එම පාර්සල් පරික්‍ෂා කර බලා ඇත්තේ.
එහිදී පාර්සල් 14ක “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක්, මත්පෙති 2,049ක් සොයා ගත් බවයි රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පැවසුවේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.