Sunday, March 23, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ නාම යෝජනා පත්‍ර 425ක් අවලංගු වෙයි

හේරත් බණ්ඩාර-කමල් සුරවීර



මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 425ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා පත්‍ර 2,900කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. 


මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 58ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 52ක් සහ ස්වාධීන කණ්ඩායම් 06ක නාම යෝජනා එලෙස ප්‍රතික්ෂේප වූ බවයි.