රක්ෂිත බන්ධනාගාරගත කළ සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ තමන්ට පිටත ආහාර ලබා ගැනීමටයි.
සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකි වනවා.
එම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු වන්නේ අදාළ බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන්.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාද එලෙස ඉල්ලීමක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව බොහෝ දුරට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අද දිනයේදී අවසර හිමි වනු ඇතැයි වාර්තා වුණා.