පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි තුනක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.
ඉන් දෙකක් අපරාධමය පැමිණිලි වන බවයි පොලීසිය පැවසුවේ.
තලාතුඔය, කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ නිවසකට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ඉන් එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ගන්දර, කපුගම - උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් අනෙක් පැමිණිල්ල ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිල්ලක් ලැබී ඇත්තේ බේරුවල පොලිස් ස්ථානය වෙතයි.
ඒ, හෙට්ටිමුල්ල, මල්බොක්ක මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් පිලිසකර කරන බවට දැනුම් දෙමින්.
ඒ පිළිබඳ පොලීසිය සිදුකල සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ පිලිසකර කිරීමේ කටයුතු බේරුවල ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදෙනු ලැබුවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා පැවසුවේ ෑක් ෑෘඍ නම් වූ එම ජංගම දුරකතන යෙදවුම හරහා විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපානයන් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.