Tuesday, April 15, 2025

General line - 0115112241

ඊශ්‍රායල් - පලස්තීන ගැටුමෙන් මියගිය පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි



ඊශ්‍රායල සහ පලස්තීනය අතර යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම කාලය තුළ තවත් පුද්ගලයන් 113,274 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

2023 වසරේ ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් එම යුද්ධය ආරම්භ වූ අතර එමඟින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 1,200ක් මිය ගොස් තිබෙනවා.

එහිදී තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් ගසා තීරයට විශාල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධයේ අවසානයක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.