පසුගිය 15 වනදා සිදුකල වන සත්ව සංගණනයේ වාර්තා ලබන 28 වන දිනට පෙර අමාත්‍යංශය වෙත ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දිස්ත්‍රික් මට්ටමේ වාර්තා ලැබුණු පසු සමස්ත වාර්තාවක් සකස් කර වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.