හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා ඒතුමා සහභාගී වුණා.
එම ආගමික වතාවත් පැවැත් වුණේ ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් එම පින්කම් සංවිධාන කර තිබුණා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමේ වැඩසටහනක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණු අතර දේශපාලන නායකයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වී සිටියා.