ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති 05 වන තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කින්ග්ස් ඉලෙවන් කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් රැස් කළා.
ශ්‍රේස් අයියර් ලකුණු 97යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 05ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 232ක් පමණයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.