තායිවාන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ධීවර බෝට්ටුවලට නීති විරෝධී ලෙස ඉන්ධන සැපයූ බවට සැක කෙරෙන චීන බෝට්ටුවක් මාර්තු 23 වන දින තායිපේ විසින් රඳවාගෙන ඇති බව තායිවාන වෙරළාරක්ෂක බලකාය පවසයි.
තායිපේ අගනුවරට දකුණින් පිහිටි Taoyuan සහ Hsinchu නගර ආසන්නයේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් මෙම සිදුවීම සිදුව ඇති බව පැවසේ.
බෝට්ටුව නැවත නැවතත් අනතුරු ඇඟවීම් නොසලකා හරින ලද අතර එය පාලනය කිරීමට පෙර පලා යාමට උත්සහ කළ බවට ද තායිවානය චෝදනා කරයි.
මෙම බෝට්ටුව තායිවානයේ සීමා සහිත මුහුදේ ක්‍රියාත්මක වන ලියාපදිංචි නොකළ චීන ඉන්ධන පිරවුම් බෝට්ටුවක් වන අතර එයට නමක්, ලියාපදිංචි නිවාස වරායක් සහ නැව් සහතිකයක් නොතිබුණු බව ද තායිවාන වෙරළාරක්ෂකයින් පවසයි.
එම යාත්‍රාවේ ඉන්ධන ලීටර් ලක්ෂ පහක් පමණ තිබූ බවත්, තායිවාන මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වන අනෙකුත් චීන නැව්වලට ඉන්ධන සැපයීමට උත්සාහ කර ඇති බවත් ඔවුන් පැවසීය.
යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනා හඳුනාගැනීමේ ලියකියවිලි නොමැති චීන ජාතිකයන් බව ද වෙරළාරක්ෂක බලකාය පවසයි.