පසුගියදා සිදු කෙරුණු වන සත්ත්ව සංගණනයේ තොරතුරු ජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමේ සූදානමක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වන සත්ත්ව සංගණනයේ ජාතික මට්ටමේ වාර්තාවක් සකස් කිරීමෙන් පසු නැවත පරික්‍ෂාවකින් අනතුරුව එම තොරතුරු ඉදිරිපත් කරන බවයි.
දිස්ත්‍රික් මට්ටමෙන් සකස් කළ වන සත්ත්ව සංගණනයේ වාර්තා අමාත්‍යංශය වෙත කැඳවීම පමණක් අද දිනට නියමිතව තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වන සත්ත්ව සංගණනයේ අවසන් වාර්තාව සකස් කිරීම කොපමණ කාලයකින් අවසන් කළ හැකිදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකටද ඔහු එහිදී පිළිතුරු ලබා දුන්නා.