Tuesday, April 1, 2025

General line - 0115112241

 ඉදිකිරීම් කර්මාන්තය මෙරටින් ඔබ්බට ගෙන යාමට රජයේ අවධානය



මෙරට ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට ගෙන ඒම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඉදිකිරීමේ කර්මාන්තය මෙරටින් ඔබ්බට ගෙන යාමටද රජයේ අපේක්‍ෂාව බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. කොළඹ පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රදර්ශනයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 


මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද එහිදී අදහස් පළ කළා.