හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ, 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.