මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් දැඩි වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
එම සංවිධානය පවසන්නේ, යුද්ධයෙන් බලපෑමට ලක්ව සිටි මියන්මාරය, භූ කම්පනය හේතුවෙන් තවත් අගාදයට ඇද වැටී ඇති බවයි.
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ වන විට පුද්ගලයින් 1,700ක් පමණ මියගොස් 3,400ක් පමණ තුවාල ලබා තවත් 300ක් පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර භූ කම්පනයෙන් තායිලන්තයේ මරණ සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමේ අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ වනවිට පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව, මිලියන 20ක් වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් බොහෝ රෝහල් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
මියගිය සංඛ්‍යාව ඉහළ යාමත් සමග අවශ්‍ය වෛද්‍ය සැපයුම් දැඩි හිඟයකට ලක්වනු ඇති බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රුධිර බෑග්, නිර්වින්දන සහායක උපකරණ, අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවකයින් සඳහා කූඩාරම් ඇතුළු වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයන් ඇතිවී තිබෙන බවයි.
චීනයෙන් හදිසි ආධාර, නවාතැන් සහ වෛද්‍ය සැපයුම් රැගත් භාණ්ඩ ට්‍රක් රථ 17ක් පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.