Wednesday, April 2, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි සංඛ්‍යාව 234ක් දක්වා ඉහළට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 234ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් පැමිණිලි 220ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දෙකක්. 

පසුගිය 20 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති පැමිණිලි 234න් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

එම පැමිණිලි සංඛ්‍යාව 211ක්. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටද පැමිණිලි 23ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව ඇති සමස්ත පැමිණිලි 234න් 180ක් මේ වන විට විසඳා තිබෙනවා.

සෙසු පැමිණිලි 54 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.