Tuesday, April 22, 2025

General line - 0115112241

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිට අල්ලස්දීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය



පවුල් ආරවුලක් විසඳා දෙන ලෙසට කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අල්ලස් මුදලක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙක් එම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලන්ඩන් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ පවුල් ආරවුලක් විසඳා දෙන ලෙසට ඉල්ලීම් කරමින් අදාළ පුද්ගලයා ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත රුපියල් 50,000ක අල්ලස් මුදලක් එලෙස ලබාදීමට උත්සහ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ධර්මපුරම් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.