Thursday, April 3, 2025

General line - 0115112241

තෙල් මිල අඩු කිරීමට බැරි වුණේ IMF නිසා

කමල් සුරවීර



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

ඒ, අද පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 299ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 361ක් ලෙසයි දැක්වෙන්නේ.

කෙසේවෙතත් පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි ත්‍රිරෝද රථ හිමියන් පැවසුවේ.