ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක් මගින් භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මියන්මාරයේ ස්ථාපිත ක්ෂේත්‍ර රෝහල වෙත නැවත පිරවීමේ සැපයුම් සහ අවශ්‍යතා ඇති ප්‍රජාවන් සඳහා ආහාර ආධාර ලබා දී තිබේ.
ඒ ඉන්දියාවේ බ්‍රහ්ම මෙහෙයුම යටතේයි.
එම මෙහෙයුම යටතේ පිහිටුවන ලද ඉන්දියානු හමුදාවේ ක්ෂේත්‍ර රෝහල මේ වන විට රෝගීන් 800 කට සාර්ථකව ප්‍රතිකාර කර ඇත.
පසුගිය මාසයේ මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් පසු ඉන්දියාව මියන්මාරයට ආහාර ආධාර ටොන් 442ක් ලබා දී තිබේ.
සහල්, පිසින තෙල්, නූඩ්ල්ස් සහ බිස්කට් වලින් සමන්විත මෙම තොගය ඉන්දීය නාවික හමුදාවේ ගොඩබෑමේ නෞකාව වන INS Gharial නෞකාවෙන් ප්‍රවාහනය කර තිලාව වරායේදී තානාපති අභය තාකූර් විසින් Yangon මහ ඇමති U Soe Thein සහ ඔහුගේ කණ්ඩායමට භාර දෙන ලදී.