Sunday, April 13, 2025

General line - 0115112241

ඩොමිනික් රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩා වැටී 98 දෙනෙකු ජීවිතක්‍ෂයට



ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස් තිබෙනවා. 

අනතුරෙන් තවත් පුද්ගලයින් 160 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට තිබුණා. 

සිද්ධියෙන් මිය ගිය පිරිස අතර ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකුද වනවා. 

වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.