පරාටේ නීතිය ක්‍රියාත්මක වීම යළි දීර්ඝ කිරීමට කටයුතු කිරීම සුබදායක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීයි.
මේ අතර එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
මේ, එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා.
කෘෂි නිෂ්පාදන සඳහා පනවන බදු සම්බන්දයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙනවා. එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.