Sunday, April 13, 2025

General line - 0115112241

මැතිවරණ නීති කඩකළ අපේක්‍ෂකයින් 13ක් අත්අඩංගුවට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා අපේක්‍ෂකයින් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයෙකු ඊයේ රාත්‍රියේද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ආධාරකරුවන් 42කුද මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ඉකුත් මාර්තු මස 03වනදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංගණය කිරීම්වලට අදාළව පැමිණිලි 99ක් ලැබී තිබෙනවා. මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 24ක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 11ක්.